ආකර්ශනීය විශේෂාංග වලින් යුත් Huawei Nova 7 SE සහ Huawei Y7a

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei 2020 අවසාන කාර්තුවේදී වඩාත් ආකර්ශනීය ස්මාර්ට්ෆෝන් දෙකක් එළිදැක්වීය. Huawei Nova 7 SE සහ Y7a දියත් කළ විගස පාරිභෝගිකයින් අතර විශාල ඉල්ලුමක් දිනා ගත් අතර මෙම ස්මාර්ට්ෆෝන් පිලිබඳ විශේෂ අවධානයක් යොමුවිය. Nova  සහ Y ශ්‍රේණියේ දුරකථන පරිශීලකයින්ට අමුතු දෙයක් නොවේ . ඒ ඒ  මිළ මට්ටම්වලදී හොඳම වටිනාකමක් ලබා දෙන මෙම ස්මාර්ට්ෆෝන් කෙටි කාලයක් තුළ ඉහළ ප්‍රසාදයක් පරිශීලකයන් අතර දිනාගන්නා ලදී .

5G නව අත්දැකීම බලාපොරොත්තුවෙන් සිටින ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන් සඳහා අසමසම කාර්ය සාධනයක් ලබා දීම සඳහා Huawei Nova 7 SE ඉතාමත් උසස් තත්වයේ Kirin 820 5G SoC චිප් එකක් යොදාගෙන තිබෙනවා. අඟල් 6.5 ක Punch Full view display මඟින් ඉතා හොද දර්ශන තිරයක් ලබාදෙන අතර එය 90.3% screen-to-body අනුපාතයකින් යුක්ත වේ . ඉතා අනර්ඝ නිමාවකින් යුතු මෙම smart දුරකථනය Space Silver, Crush Green සහ  Midsummer Purple යන මෙම ආකර්ශණිය වර්ණ ත්‍රිත්වයෙන්ම ලබාගත හැක.

Huawei Nova 7 SE ජංගම දුරකථනයේ ප්‍රධාන කැමරාව 64MP high-resolution lens එකකින්ද, 8MP ultra-wide-angle lens එකකින්ද, 2MP bokeh lens එකකින් සහ 2MP macro lens එකකින් සමන්විත ultra-high-resolution AI Quad කැමරාවකින් යුක්ත වේ. මෙම කාච හතරේ සුසංයෝගය නිසා ඉතා උසස් ජායාරුපකරණ හැකියාවක් පරිශීලකයන්ට හිමිවේ.

Huawei NOVA 7 SE ස්මාර්ට් දුරකතනයේ ඇති 64MP ultra-high-resolution මුලික කැමරාවේ Aperture අගය 1.8 අගයක් ගන්නා අතර ඒ සඳහා 1/1.7 inches image sensor එකක් භාවිතා කර තිබේ . මෙමගින් කැමරාව හරහා ලබා ගන්නා ඡායාරූප විශාලනය කර බැලීමේදී ඒවායේ කුඩාම details පවා වඩාත් පැහැදිලිව එහි විස්තර බලා ගත හැක. Huawei Nova 7 SE ජංගම දුරකථනයේ ඇති super night mode selfie තාක්ෂණය සහ BM3D DSLR level image noise reduction තාක්ෂණය හේතුවෙන් ඕනැම පරිසර තත්වයක් යටතේදී ලබා ගන්නා ඡායාරූප වල ඇති පැහැදිලි බව ඉතා ඉහල වේ .

තවද මෙම ස්මාර්ට් ජංගම දුරකථනය 4K high-definition video, DUAL-VIEW Video, super slow motion සහ time-lapse mode ඇතුළු තවත් නිර්මාණශීලී වීඩියෝ දර්ශන පටිගත කිරීමේ අවස්ථාව හිමිකරදේ. Huawei Nova 7 SE ජංගම දුරකථනයට තම 64MP ප්‍රධාන කැමරාව භාවිතා කර 4K resolution වීඩියෝ (30FPS frame rate එකෙන්) රූපගත කිරීමේ හැකියාව ඇති අතර AI editing පහසුකම නිසා පහසුවෙන් සහ ඉක්මනින් videos සංස්කරණය කිරීමේ හැකියාවද හිමිවේ.

Kirin 820 5G SoC චිප් එක මගින් බල ගැන්වෙන Huawei Nova 7 SE විශිෂ්ට වේගයක් සපයන අතර එය දුරකථන ක්‍රීඩාවල යෙදෙන්නන් හට මනා පහසුවක් හා වාසියක් වේ. උසස් වීඩියෝ තත්ත්වයෙන් යුත්  ක්‍රීඩා කළත් Nova 7SE  යනු කිසිදු ප්‍රමාදයකින් හෝ හිරවිමකින් තොරව ඉහල  කාර්යසාධනයක් සහිත ක්‍රියාකරන පරිපූර්ණ ස්මාර්ට් දුරකතනයක් වේ . ඊට අමතරව  ගීත , apps සහ චිත්‍රපට ඉතා වේගයෙන් බාගත කිරීමේ සහ  යාවත්කාලීන කිරීම් හැකියාව පරිශීලකයාට හිමිවීම තවත් එක් විශේෂ හේතුවකි. දුරකතනයක වේගය සහ ක්‍රියාකාරිත්වය තීරණය කරන තවත් එක සාධකයක් වන්නේ එහි memory ධාරිතාවයි . මෙම Huawei Nova 7SE හි අන්තර්ගත 8GB RAM එක හේතුවෙන් වඩාත් තීව්‍ර බහු කාර්යයන් පවා හැසිරවිය හැකි අතර 128GB ROM මගින් බාගත කළ Apps, ඡායාරූප, වීඩියෝ සහ ක්‍රීඩා ගබඩා කිරීමට ප්‍රමාණවත් ඉඩක් ලබා දේ. සුමට 5G අත්දැකීමක් ගෙන ඒම සඳහා  Nova 7SE  හි නවතම GPU Turbo  තාක්ෂණය සහ යාවත්කාලින කරන ලද AppAssistant ද උපකාර වනවා.

Huawei Nova 7 SE  , 4000mAh බලවත් බැටරියකින් සමන්විත වේ. එහි විශාල බැටරිය නිසා වැඩි වේලාවක් බාධාවකින් තොරව අන්තර්ජාලයේ සැරිසැරීම , දුරකථන ක්‍රීඩාවල නිරතවීම සහ video බැලීමේ හැකියාව හිමිවේ . මිනිත්තු 30 ක් ඇතුළත බැටරිය 70% දක්වා ආරෝපණය කළ හැකි 40W Huawei SuperCharge තාක්ෂණයද මෙම දුරකතනයේ ආකර්ෂණිය බව තවත් වැඩි කරයි.

Huawei Y7a හි විශේෂාංග රැසකින් යුතු y ශේණියේ ස්මාර්ට්ෆෝන් එකකි.අඟල් 6.67 පූර්ණ HD විශාල තිරයක් සහ 90.3% screen -body ratio සහිත Huawei Y7a , Crush green, Blush gold සහ Midnight black යන ආකර්ශනීය වර්ණ තුනකින් ලබා ගත හැක.

Huawei Y7a  හි කැමරාවද ඉතා විශේෂ වේ . මෙම මිල මට්ටගේ අනෙකුත් දුරකතනයන් හා සසදන කල 48MP  Quad  AI කැමරාව මෙම දුරකතනයට විශේෂ ආකර්ශණයක් ලගා කරවයි . මෙම දුරකතනයේ පසුපස කැමරා සැකසුම  කැමරා සතරකින් සමන්විත අතර 48MP (f/1.8 aperture) , 8MP (Ultra-Wide Angle Lens, f/2.4 aperture),  2MP (Depth Lens, f/2.4 aperture) සහ  2MP Macro Lens, f/2.4 aperture) ඒවා වේ . තවද AI තාක්ෂණයෙන් මෙම කැමරා පද්ධතිය බලගන්වා ඇත. අඩු / රාත්‍රී ආලෝකකරණ තත්වයන් තුළ වුවද පැහැදිලි ඡායා රූපයන්  ‘සුපර් නයිට්’ කැමරා මාදිලිය මගින් පහසුවෙන් ලබා ගත හැක. punch hole ආකාරයන් ඇති සෙල්ෆි කැමරාව 8MP (f / 2.0 විවරය)  දිවා හා අඩු / අඳුරු ආලෝක තත්ත්වයන් දෙකෙහිම එක හා සමානව සුන්දර පැහැදිලි ඡායා රූප ලබා දෙයි .

Huawei Y7a ස්මාර්ට් දුරකථනය  Kirin 710A ප්‍රොසෙසරයකින් සමන්විත අතර එය බොහෝ Y ශ්‍රේණියේ දුරකථන වල හොඳින් ක්‍රියා කරනා ප්‍රොසෙසරයක් වේ . 4GB RAM එකකින් ක්‍රියාත්මක වන Huawei Y7a 128 GB Storage යුක්තව පාරිශීලකයින් අතට පත්වේ. බහු කාර්යයන් සහ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී වෙනත් බොහෝ mid range උපාංග අභිබවා යමින් කාර්යක්ෂමව  කිසිදු බාධාවකින් තොරව භාවිතා කිරිමේ හැකියාව මෙම ස්මාර්ට් දුරකතනයේ ඇති තවත් එක විශේෂත්වයකි.

Huawei Y7a , 5000mAh විශාල බැටරියකින් බලගැන්වෙන අතර එය මෑතකදී නිකුත් කරන ලද Huawei ස්මාර්ට්ෆෝන් අතර ප්‍රධාන තැනක් ගනී.  4G ඇමතුම් පැය 38.2 ක්ද , අන්තර්ජාල වීඩියෝ නැරඹීම පැය 16.6 ක් සහ පැය 12 ක් 4G අන්තර්ජාලයේ සැරිසැරීමේ නිදහස පරිශීලකයින්ට හිමිවේ .  Huawei Y7a 22.5W Huawei Super Charge වේගයෙන් බැටරිය නැවත ආරෝපණය (Charge) කිරීමට හැකි  අතර විනාඩි 10 කාලයක් ආරෝපණය (Charge) කිරීමෙන් පැය දෙකක පමණ කාලයක් video නැරඹීමේ හැකියාව ලබාදේ.

Huawei Nova 7 SE රු.64,999 මිලකට ලබාගත හැකි අතර   Huawei Y7a හි මිල රුපියල් 35999.00 ක් පමණක්වේ . දිවයින පුරා Singer ප්‍රදර්ශනාගාරවලින් සහ බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් ලබා ගත හැකි අතර අන්තර්ජාල ඇණවුම් කිරීම  Daraz.lk හරහා සිදුකරගත හැකිය .

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*