183% වසරින් වසර වර්ධනයක්ද සමඟින් realme යුරෝපයේ ජනප්‍රියම ස්මර්ට්ෆෝන් සන්නාමය බවට පත්වේ.

ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme විසින්,  2021 වසරේ ප්‍රථම කාර්තුව තුළ ස්මාර්ට් දුරකථන මිලියන 12.8ක් නැව්ගත කරමින්, වාර්තාවක් සනිටුවහන් කර ඇත. ලොවපුරා රටවල් 13ක, ප්‍රමුඛතම ස්මාර්ට් දුරකථන සන්නාම 05 අතරට realme එක්වී ඇති අතරම, 2021-Q1 සඳහා වූ කැනලිස් ගෝලීය ස්මාර්ට්ෆෝන් නැව්ගත කිරීමේ වාර්තාවට අනුව ප්‍රථම වරට යුරෝපයේ ප්‍රධානතම ස්මාර්ට් දුරකථන විකුණුම්කරුවන් හතර අතරට realme පැමිණ තිබේ. 

2019 වර්ෂයේ යුරෝපීය වෙළඳ පොළට පිවිසීමත් සමඟ, realme එම කලාපයේ වඩාත් වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් දුරකථන සන්නාමය බවට පත්වූයේ 2021 පළමු කාර්තුව තුළ 183% වසරින් වසර වර්ධනයක්ද වාර්තා කරමිනි (මුලාශ්‍රය – Counterpoint Research).  කැනලිස් ගෝලීය ස්මාර්ට්ෆෝන් නැව්ගත කිරීමේ වාර්තාවට අනුව realme චෙක් ජනරජයේ සහ ග්‍රීසියේ සිව්වන ස්ථානයට පැමිණ ඇත්තේ පිළිවෙලින් 4104% සහ 477% ක වාර්ෂික වර්ධනයක්ද වාර්තා කරමිනි. තවද, realme ස්ලෝවේනියාවේ සිව්වන ස්ථානයේ පසුවන අතර, රුසියාවේ පස්වන විශාලතම ස්මාර්ට් දුරකථන සන්නාමය බවට පත්ව ඇත්තේ  682% ක වසරින් වසර වෙළඳ පොළ වර්ධනයක් පෙන්නුම් කරමිනි.

අග්නිදිග ආසියාව පිළිබඳ සැළකීමේදී, realme පිලිපීනයේ 23% වෙළඳපල කොටසක් සහ 95% වාර්ෂික වර්ධනයක් සමඟින්  ඉහළම වෙළඳ පොළ අගයකට හිමිකම් කියයි. realme කාම්බෝජය තුළ 379% ක වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කරන ලද අතර, ඉන්දුනීසියාව සහ තායිලන්තය තුළද ඉහළ වර්ධනයක් වාර්තා කර තිබේ. තවද, ඉන්දියාව තුළ 12% වෙළඳපල කොටසක් තහවුරු කරගනිමින්, තරඟකාරී ස්මාර්ට් දුරකථන වෙළඳ පොළ තුළ පස්වන ස්ථානය කරා ඒමට realme හට හැකිවී තිබේ. 

මෙම සුවිශේෂී වර්ධනය පිළිබඳ අදහස් දක්වමින් realme හි ප්‍රධාන විධායක නිලධාරී Sky Li මෙලෙස පවසා සිටියි. “යුරෝපයේ  ඇතුළු ලොව ප්‍රමුඛ රාජ්‍යන් රැසක වඩාත් වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් දුරකතන සන්නාමය බවට පත්වීමට හැකිවීම පිළිබඳ අප සතුටට පත් වනවා.  තාරුණ්‍ය ඉලක්ක කරගත් වෙළඳ පොළ වෙත වඩාත් තරඟකාරී නිෂ්පාදන ඉදිරිපත් කරමින්, ඉදිරියටම ඇදෙන realme නවෝත්පාදනය මූලික කරගත් සන්නාමයක් ලෙස මා හැඳින්වීමට කැමතියි.  ඉදිරියටත් සුවිශේෂී විශේෂාංග රැසකින් යුත් අද්විතීය ස්මාර්ට් දුරකථන ඇතුළු තාක්ෂණික උපාංග රැසක් ගෝලීයව විසිරුණු අප පාරිභෝගිකයින් වෙත තිළිණ කිරීමට අප බලාපොරොත්තුවෙන් පසුවනවා.”

“ගෝලීය ස්මාර්ට්ෆෝන් වෙළෙඳපොළ 2021 ප්‍රථම කාර්තුවේදී ශක්තිමත් වර්ධනයක් අත්කර ගෙන ඇති අතර, සමස්ත නැව්ගත කිරීම් මිලියන 347.7 ක් දක්වා ඉහළ ගොස් ඇත. එම අගය පෙර වසර හා සැසඳීමේදී 27.6% ක වර්ධනයකි. realme පසුගිය මාස 12ක කාලය තුළ එහි වෙළඳ පොළ ව්‍යාප්තිය වේගවත් කළ අතර, සෑම කාර්තුවකම  45% කට වඩා වැඩි සාමාන්‍ය වෙළඳ පොළ වර්ධනයක්ද වාර්තා කරන ලදී. තාරුණ්‍ය ඉලක්ක කරගත් තාක්ෂණික සන්නාමයක් ලෙස realme, තාක්ෂණික ක්ෂේත්‍රය තුළ සිදු කරන ලද අඛණ්ඩ නවෝත්පාදන මෙම වර්ධනයට ඉවහල් වූ ප්‍රධාන සාධකයි” Canalys හි උප සභාපති Nicole Peng පවසා සිටියි. 

කැනලිස් හි  2021 ප්‍රථම කාර්තුව සඳහා වූ ගෝලීය නැව්ගත කිරීමේ වාර්තාවට අනුව, ඉන්දියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, කාම්බෝජය, තායිලන්තය, මැලේසියාව, පිලිපීනය, රුසියාව, ඊජිප්තුව, ඊශ්‍රායලය, චෙක් ජනරජය, ග්‍රීසිය සහ ස්ලොවේනියාව යන රාජ්‍යන් 13 තුළ realme ප්‍රධාන ස්මාර්ට් දුරකථන සන්නාම පහ අතර වැජඹේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*