
Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇති බව එම ආයතනය නිවේදනය කර තිබෙනවා.ඒ අනුව Starlink සමාගම විසින් X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.
Starlink උපකරණ කට්ටල 112 ක් රට තුළට ආනයනය කර ඇති අතර,Starlink සේවා ලබා ගැනීම සඳහා ආරම්භක පරිශීලකයින් ලෙස 12 දෙනෙකු තෝරාගෙන පසුගියදා සේවාව ක්‍රියාත්මක කර තිබුණා.
ශ්‍රී ලංකාව සඳහා Residential පැකේජයේ මිල මසකට රු.15,000 ක් වන අතර, අවශ්‍ය උපකරණ සඳහා රු.118,000 ක මුදලක් දැරීමට සිදු වනවා.
මෙම පැකේජය සඳහා Unlimited Data පහසුකම හිමිවෙනවා.
Leave a Reply